Global Platform For All Sri Lankans

මාර්ක් සකර්බර්ග් ප්‍රථමවරට ලොව ධනවතුන්ගේ ලැයිස්තුවට..

ෆෙස්බුක් නිර්මාතෘ මෙටා සමාගමේ හිමිකරු සුප්‍රකට අමෙරිකානු ව්‍යාපාරික මාර්ක් සකර්බර්ග් ප්‍රථම වතාවට ලොව ධනවතුන්ගේ ලැයිස්තුවෙහි දෙවෙනි ස්ථානයට තේරී පත්ව තිබෙනවා.

ඒ, ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ සිටි Amazon සමාගමේ සභාපතිවරයා වන ජෙෆ් බේසස් අභිබවා යමින්.

ඒ අනුව මාර්ක් සකර්බර්ග් ලොව දෙවැනි ධනවත්ම පුද්ගලයා වනු ඇති.

Meta සමාගමෙහි කොටස් අඛණ්ඩව ඉහළ යාම හේතුවෙන් සකර්බර්ග් මෙලෙස ලොව ධනවත් ලැයිස්තුවේ දෙවන ස්ථානයට තේරී පත්ව තිබෙනවා.

මෙටා ප්‍රධාන විධායක නිලධාරි මාර්ක් සකර්බර්ග්ගේ 2024 වත්කම්වල ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 78 ​​කින් ඉහළගොස් ඇති බවයි බ්ලූම්බර්ග් ප්‍රකෝටිපතියන් දර්ශකය පෙන්වා දෙන්නේ.

සමස්ථයක් ලෙස ඔහුගේ වත්කම්වල ශුද්ධ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 206.2ක්.

ටෙස්ලා ප්‍රධානී එලොන් මස්ක්ට වඩා ඩොලර් බිලියන 50 ක් පසුපසින් සිටින අතර මෙතෙක් දෙවැනි ස්ථානයේ පසු වු මේ වනවිට තෙවැනි ස්ථානය හිමි Amazon සමාගමේ සභාපතිවරයා වන ජෙෆ් බේසස්ට වඩා ඩොලර් බිලියන 1.1ක් ඉදිරියෙන් සකර්බර්ග්, සිටින බවයි බ්ලුම්බර්ග් ප්‍රකෝටිපතියන්ගේ දර්ශකය අනාවරණ කළේ.

මාර්ක් සකබර්ග් නමැති සමාජ මාධ්‍ය දැවැන්තයාගේ මෙම වසරේ ව්‍යාපාර මෙන්ම පුද්ගලික ධනය ද වර්ධනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads