Global Platform For All Sri Lankans

පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කෙරෙයි

2023 (2024) පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයෙහි ප්‍රතිඵල අද (05) නිකුත් කෙරෙනු බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබි අඩවිය වන www.doenets.lk සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිස අයදුම්කරුගේ නිවැරැදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් එම විභාග ප්‍රතිඵල ලබා ගත හැකියි.

එම ප්‍රතිඵල සම්බන්ධව යම් විමසීමක් අවශ්‍ය වන්නේ නම්, 19 11 යන ක්ෂණික දුරකථන අංකයට හෝ 0112 787221 යන ආයතනික විභාග ප්‍රතිඵල කාර්යාලයට ඇමතීමෙන් වැඩිදුර විස්තර දැනගත හැකි බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මෙම විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සහ විභාගයේ ප්‍රතිඵල සහතික නිකුත් කිරීම පිළිබඳව අයදුම්කරුවන් දැනුවත් කිරීම ඉදිරියේදී සිදුකිරීමට නියමිතයි.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads