පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කළ ගුරුවරුන් තිස්පන් දහසකගේ පමණ දීමනා ගෙවීමට විභාග දෙපාර්තමේන්තුව මෙතෙක් කටයුතු කර නොමැති බවට වාර්තා වෙනවා..
එසේම, ලංකා ගුරු සංගමය විසින් මේ සඳහන් කලද , දීමනා ක්‍රමානුකූලව නොගෙවීම නිසා විභාග රාජකාරි කටයුතු සඳහා සහභාගි වීමට ගුරුවරුන් මැළි වන බවද එම සංගමය සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත්, ගුරුවරුන්ට අදාළ දීමනා ගෙවීම සඳහා අවශ්‍ය කටයුතු කෙරෙමින් පවතින බවත්, ඉතා ඉක්මණින් ම ගෙවීම් කටයුතු සිදු කරන බවත්, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 325