Global Platform For All Sri Lankans

“හෙට උදේ 10 වෙනකම් ජනපතිට කල් දෙනවා..” ගම්මන්පිල

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සිදු කල සකස් කළ වාර්තාව හෙට (20)පෙරවරු 10 වන තෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජනතාවට ප්‍රසිද්ධ නොකලහොත් තමා එය ජනතාවට එළිදක්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ඔහු අද (20) කොළඹදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් කියා සිටියේ තමා මෙම පාස්කු වාර්තාව එළිදැක්වීම මුල් කරගෙන අත්අඩංගුවට ගැනීමක් සැලසුම් දියත් කරන බවයි.

රාජ්‍ය රහස් එළි දැක්වීමේ වරදක් මත තමාව වසර 14 කට සිරගත කිරීමට හැකි බව ජනාධිපති නීතිඥවරුන් පවසා ඇති බව උදය ගම්මන්පිල මෙහිදී කියා සිටියා.

කෙසේ වෙතත් පාස්කු වාර්තාව එළිදැක්වීම කළ යුතු යැයි පවසා සිටියදී මේ වන විට සිරිල් ගාමිණී පියතුමා දැන් බියට පත්ව සිටින බව ඔහු අවධාරණය කර සිටියා.

මේ තුළින් ජාතික ජනබලවේගය විසින් කතෝලික ජනතාව රැවටීමක් සිදු කරන බව හැගෙන බව ඔහු කියා සිටියා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads