Global Platform For All Sri Lankans

බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු ඔස්ට්‍රේලියාවට..

බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු සහ කැමිලා රැජින ඔස්ට්‍රේලියාවට පැමිණ තිබෙනවා.

ඔවුන්ව ජනතාව ප්‍රීති ඝෝෂා නඟමින් පිළිගෙන ඇති අතර සිඩ්නිහිදී රාජකීය යුවළ විශේෂ දේව මෙහෙයකටද එක්ව ඇති බව සඳහන්.

1966 දී නව යොවුන් වියේ පසුවූ චාල්ස් කුමාරයා මාස හයක කාලයක් එහි පාසල් අධ්‍යාපනය ලැබූ බව සඳහන්.

මෙය ඔහුගේ 16 වැනි ඔස්ට්‍රේලියානු නිල සංචාරයවන අතර පිළිකාවක් වැළඳීමෙන් පසු ඔහුගේ පළමු ප්‍රධාන විදේශ සංචාරය ද වනවා.

ඔස්ට්‍රේලියාවට පැමිණීම ඉමහත් ප්‍රීතියක් බවයි සුභ පැතුම් පිරිනමන ජනතාව අමතමින් රජු ප්‍රකාශ කර ඇත්තේ.

පසුගිය සිකුරාදා රාත්‍රියේ ඔස්ට්‍රේලියාවේ විශාලතම නගරයට පැමිණි පසු චාල්ස් සහ කැමිලා හමුවීමට මහජනතාවට ලැබුණු පළමු අවස්ථාව මෙම දේව මෙහෙය සඳහා එක්වීම බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ පැරණිතම ව්‍යවස්ථාදායකයේ 200 වැනි සංවත්සරය සනිටුහන් කරමින් සිඩ්නි වරාය හරහා චාල්ස් රජු නිව් සවුත් වේල්ස් පාර්ලිමේන්තුවට ද ගොස් තිබෙනවා.

 

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads