Global Platform For All Sri Lankans

“රට බංකොලොත්භාවයෙන් මුදවා ගත හැක්කේ සමගි ජන බලවේගයට පමණයි” සජිත්..

 

මෙවර මැතිවරණයේදී රට බංකොලොත්භාවයෙන් මුදවා ගත හැක්කේ කාටද කියා ජනතාව තීන්දු කළ යුතු බව සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (20)රත්මලාන මැතිවරණ බලප්‍රදේශයේ පැවැත්වූ ජන හමුවක් අමතමින්.

එහිදී ඔහු කියා සිටියේ රට බංකොලොත්භාවයෙන් මුදවා ගන්නට අවශ්‍ය දර්ශනය වැඩපිළිවෙළ ඇත්තේ සමගි ජන බලවේගයට බවයි.

එමෙන්ම ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේග ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කළ බවත් ‘සැමට ජයක්’ නිර්මාණය කරන වැඩසටහන් රැසක් ඉදිරිපත් කළ බවත් මෙවර මහමැතිවරණයේදී ‘හුස්ම ගන්න රටක් සක්වල දිනන හෙටක්’ ඉදිරිපත් කරන බව සජිත් ප්‍රේමදාස කියා සිටියා.

අදටත් අප රට බංකොලොත් වී ණය ගෙවා ගත නොහැකි බවත් මැතිවරණ පැවැත්වුවා කියා බංකොලොත්භාවය නැති නොවන බව ඔහු අවධාරණය කර සිටියා.

IMF එක 2033 සිට ණය ගෙවන්න කිව්වත් හිටපු ජනාධිපති සහ රජය 2028 සිට ණය ගෙවන්න තීන්දු කර ඇති බවත් 2028 සිට එනම් තවත් වසර 4කින් ණය ගෙවන්න නම් ආර්ථිකය වර්ධනය විය යුතු බවත් ඒ ඉලක්ක කරා යන්න නොහැකි වුවහොත් 2028 දීත් බංකොලොත් විය හැකි බව ඔහු පවසා සිටියා.

අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් ඇති කරන්න අපනයන වැඩි කර සෘජු විදේශ ආයෝජන වැඩි වුවහොත් පමණක් ණය ගෙවිය හැකි බවත් මේ බංකොලොත්භාවයෙන් රට ගොඩගත හැකි ආර්ථික ප්‍රතිපත්තියක් රටේ ක්‍රියාත්මක විය යුතු බවත් දිගින් දිගටම බංකොලොත් භාවයෙන් සිටිය නොහැකි බව සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියා.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads