Global Platform For All Sri Lankans

උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුරය දක්වා මාර්ගය වීවෘත කිරීම කල් යයි..

 

උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුරය දක්වා කොටස වැඩ අවසන් කර පසුගිය රජය සමයේ දුම්රිය දෙපාර්තමේන්තුවට භාර දුන්න ද එය දුම්රිය ධාවනයට සුදුසු මට්ටමක නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය රියැදුරන් සඳහන් කළේ, හෙට සිට මෙම ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර තිබුණත් අවම ආරක්ෂාව සපයන තුරු මෙම මාර්ගයේ දුම්රිය ධාවනය කළ නොහැකි බවයි.

කොළඹ සිට කන්කසන්තුරය දක්වා දිවෙන උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුරය දක්වා කොටස පසුගිය රජය සමයේ වසා දැමුණේ එම දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

රුපියල් මිලියන 300ක් මේ සඳහා ඇස්තමේන්තු කර තිබූ අතර වසරකට අධික කාලයක් තිස්සේ කළ ප්‍රතිසංස්කරණවලින් පසු හෙට සිට දුම්රිය මාර්ගය ජනතා අයිතියට පත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබුණා.

ව්‍යාපෘතිය අරඹමින් බලධාරීන් පැවසුවේ, මෙම දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු පැයට කිලෝමීටර් 100ක වේගයෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය කළ හැකි බවයි.

මෙම දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුරය දක්වා කොටසේ ප්‍රතිසංස්කරණ අවසන් කර පසුගිය සැප්තැම්බර් මස 12 වැනිදා එවකට ප්‍රවාහන අමාත්‍යවරයාව සිටි බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට භාර දී තිබුණා.

ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව හෙට සිට මෙම මාර්ගය ජනතා අයිතියට පත් කිරීමට සූදානම් කර තිබු නමුත්, මෙම මාර්ගය දුම්රිය ධාවනයට අවශ්‍ය නාර්ණායක සපුරා නොමැති බැවින් ජනතා අයිතියට පත් කිරීම කල් දැමීමට දෙපාර්තමේන්තුව තීරණය කළා.

නිසි දුම්රිය සංඥා පද්ධතියක් මාර්ගයේ ස්ථාපනය කර නොමැති අතර, පැරණි සංඥා පද්ධතිය ද එම මාර්ගයෙන් ඉවත්කර තිබෙනවා.

දුම්රිය ආරක්ෂක ගේට්ටු 7ක් ස්ථාපනය කිරීමට නියමිතව තිබුණත් ඉදිකර ඇත්තේ දුම්රිය ආරක්ෂක ගේට්ටු 5ක් පමණයි.

එමෙන්ම දුම්රිය දෙකක් මාරුවීමට ඇති දුම්රිය ස්ථාන 5න් සෙනරත්ගම දුම්රිය ස්ථානයේ පමණක් දුම්රිය මාරුවීමට පහසුකම් සලසා ඇති අතර, සෙසු දුම්රිය ස්ථානවල එම පහසුකම් සලසා නොමැත.

ඒ හේතුවෙන් මිනිත්තු 25කට වැඩි කාලයක් සෙනරත්ගම දුම්රිය ස්ථානයේ දුම්රිය නවතා තැබීම සිදුවනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ, මෙම දුම්රිය මාර්ගය දුම්රිය ධාවනයට සුදුසු තත්ත්වයේ නොමැති බැවින් තමන්ට මගී ජීවිත අනතුරේ දැමිය නොහැකි බවයි.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads