Global Platform For All Sri Lankans

ආදායම් වියදම් වාර්තා ප්‍රසිද්ධ කරන දවසේම, නොදුන් තුන්දෙනා ට නීතිය..

 

ජනාධිපතිවරණයේ ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින් තිදෙනා සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දෙන බව, මැතිවරණ කොමිසම පවසනවා.

ඉන් පසු ඒ සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ග පොලිසිය ගනු ඇති බව ද මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක  සඳහන් කළා.

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරක ආදායම් සහ වියදම් වාර්තා භාරදීම සඳහා මැතිවරණ කොමිසම ලබා දී තිබූ කාලය, පසුගිය 13 වැනිදායින් අවසන් වුණා.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 38 දෙනාගෙන් අපේක්ෂකයින් 35 දෙනෙකු අදාළ වාර්තා ලබා දී තිබූ අතර, ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි, ස්වාධීන අපේක්ෂක සරත් කීර්තිරත්න සහ දෙමළ පොදු අපේක්ෂක අරියනේත්තිරන් පාක්කියසෙල්වම් යන අපේක්ෂකයින් ආදායම් වියදම් වාර්තා භාර දී තිබුණේ නැහැ.

මැතිවරණ පනතට අනුව, එම වාර්තා ලබා දී දින 10කින් පසු ඒවා ප්‍රසිද්ධ කළ යුතු අතර මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පැවසුවේ, අදාළ වාර්තා ප්‍රසිද්ධ කරන දිනයේදීම එම වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින් පිළිබඳව පොලිසියට දැනුම් දෙන බවයි.

ඒ අනුව, එම අපේක්ෂකයින් තිදෙනා සම්බන්ධයෙන් වන ඉදිරි නීතිමය කටයුතු නීතිපතිවරයා හරහා පොලිසියේ මැදිහත්වීමෙන් සිදුවනු ඇති බව ද  ආර්.එම්.ඒ.එල් රත්නායක සඳහන්  කළා.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads