Global Platform For All Sri Lankans

ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දීමක්

මධ්‍යම නැගෙනහිර බෙංගාල බොක්ක ගැඹුරු මුහුදේ වායූ ගෝලයේ අඩුපීඩන තත්වයක් වර්ධනය වෙමින් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන්, එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 80 ක් පමණ දක්වා ඉහළ යා හැකියි.

මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල යත්‍රා කිරීමේදී වඩාත් අවධානයෙන් කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ.

මේ අතර, උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads