Global Platform For All Sri Lankans

මෙන්න පාට වෙනස් වෙලා – විදේශ ගමන් බලපත්‍රය ගැන නවතම දැනුම්දීම

 

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අර්බුදය නිමා කරමින් නව ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඊයේ (21) සිට පියවර ගෙන තිබෙනවා.

නව විදේශ ගමන් බලපත්‍රයේ පැහැය වෙනස් කොට ඇති අතර, එය නිල් පැහැයෙන් යුක්තයි.

එමෙන්ම පැරණි විදේශ ගමන් බලපත්‍රයක පිටු 64ක් තිබූ අතර, නව විදේශ ගමන් බලපත්‍රය පිටු 48කින් සමන්විත අතර, නව විදේශ ගමන් බලපත්‍රයේ P අංක භාවිතා කරන අතර, මීට පෙර නිකුත් කර තිබූ විදේශ ගමන් බලපත්‍රවල පැවතියේ N අංකයයි.

තවද නව විදේශ ගමන් බලපත්‍රයේ ඇතුළු පිටු සියල්ලම අලංකාරවත් ඡායාරූප වලින් සමන්විතව තිබෙනවා.

යාපනය නල්ලූර් කෝවිල, ඓතිහාසික ගාල්ල ලන්දේසි කොටු පවුර, ශ්‍රී දළදා මාලිගාව, කොළඹ නෙළුම් කුළුණ, , පොළොන්නරුව ඓතිහාසික ස්ථාන, රිටිපන්න ධීවර කර්මාන්තය, ආරැක්කු නවයේ පාලම, සීගිරිය, තේ වගාව, රබර් කිරි කැපීම, හා ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ සංචාරක ස්ථාන සහ මෙරට සංස්කෘතිය විදහාපාන සාම්ප්‍රදායික කර්මාන්තවල ඡායාරූප වලින්ද නව විදේශ ගමන් බලපත්‍රය සමන්විතයි.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads