Global Platform For All Sri Lankans

චීනය අමුතු වැඩකටද මේ සැරසෙන්නේ ?

 

චීනයේ ජනාධිපති ෂී ජින්පින්ග් යුද්ධයක් සඳහා ඔවුන්ගේ සූදානම ශක්තිමත් කිරීම සඳහා ඉකුත් සතියේ එරට හමුදා භට පිරිස් කැඳවා උපදෙස් ලබා දී ඇති බව චීනයේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

චීන ජනාධිපතිවරයා එලෙස එරට හමුදාව සූදානම් කර ඇත්තේ චීන හමුදාව තායිවානය වටා මහා පරිමාණ හමුදා අභ්‍යාසයක් පැවැත්වීමෙන් දින කිහිපයකට පසුවයි.

චීන ජනාධිපති ෂී ජින්පින් මෙම අදහස් ප්‍රකාශ කර ඇත්තේ චීන මහජන විමුක්ති හමුදා රොකට් බලකායේ බළකායේ නිරීක්ෂණ චාරිකාවක් වෙත ගිය අවස්ථාවේදී බව‍යි චීන රජයේ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

හමුදාව යුද පුහුණුව සහ යුද්ධය සඳහා සූදානම් වීම පුළුල් ලෙස ශක්තිමත් කළ යුතු අතර භටයින්ට ශක්තිමත් සටන් හැකියාවන් ඇති බව සහතික කළ යුතු ද ජනාධිපතිවරයා පවසා ඇති බවයි CCTV චීන රාජ්‍ය මාධ්‍යය වාර්තා කළේ.

සොල්දාදුවන් “ඔවුන්ගේ උපායමාර්ගික වැළැක්වීමේ සහ සටන් කිරීමේ හැකියාව වැඩි දියුණු කළ යුතුය,” යනුවෙන් ෂී ජින්පින් පවසා තිබෙනවා.

තායිවානය තම භූමියේ කොටසක් ලෙස ප්‍රකාශ කරන චීනය, මෑත වසරවලදී තායිවානය වටා සිය බල ප්‍රදර්ශන වේගවත් කර තිබෙනවා.

ඉකුත් සඳුදා ද චීන හමුදාව තායිවානය වට කර හමුදා අභ්‍යාසයක් පැවැත්වූ අතර ඒ සඳහා ප්‍රහාරක ජෙට් යානා, ඩ්‍රෝන යානා, යුද නැව් සහ වෙරළාරක්ෂක යාත්‍රා යොදවා තිබුණා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads