Global Platform For All Sri Lankans

ජනපති, මියන්මාර තානාපතිනිය හමු වෙයි..

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මියන්මාර තානාපති මාලර් තන් ටයික් (Marlar Than Htaik ) අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ, ඊයේ (25) ජනාධිපති කාර්යාලයේදී යි.

කෘෂිකර්ම, අධ්‍යාපන සහ සංස්කෘතික යන ක්ෂේත්‍රවලට අදාළව දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට එහිදී අවධානය යොමුව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ මෙහිදී තානාපතිනිය දැනුවත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක සංචාරකයින්ගේ සහ පුරවැසියන්ගේ ආරක්ෂාව මේ වන විටත් තහවුරු කර ඇති බව ද පෙන්වා දුන්නා.

මිනිස් ජාවාරම්කරුවන් විසින් මියන්මාරයේ රඳවාගෙන සිටිනු ලබන ශ්‍රී ලාංකිකයන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක එහිදී තානාපතිවරිය සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර පවතින වසර 75ක රාජ්‍යතාන්ත්‍රික සබඳතාව සහ දිගුකාලීන සංස්කෘතික සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමට මියන්මාර රජය කැප වී කටයුතු කරන බව ද තානාපතිවරිය පැවසුවා.

කෘෂිකර්ම, අධ්‍යාපන සහ සංස්කෘතික යන ක්ෂේත්‍රවල ප්‍රවර්ධනය වෙනුවෙන් දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීමේ වැදගත්කම ද මෙහිදී මාලර් තාන් ටයික් විසින් පෙන්වා දුන්නා.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads