Global Platform For All Sri Lankans

ඇල්පිටියේ පුංචි ඡන්දය ඇරඹෙයි

 

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද (26) පෙරවරු 7ට ආරම්භ වුණා.

ඡන්දය විමසීම අද පස්වරු 4 දක්වා පැවැත්වෙනවා.

2024 සැප්තැම්බර් මස 21 වනදා පැවති ජනාධිපතිවරණයෙන් පසු පැවැත්වෙන පළමු මැතිවරණය මෙයයි.

ඒ සඳහා, ඡන්දදායකයින් 55,643 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා. 

ඡන්ද විමසීමේ කටයුතු සඳහා නිලධාරින් 600 දෙනෙකු පමණ යොදවා ඇති බවද සඳහන්.

මේ අතර ඡන්දය සලකුණු කිරීමේදී වම් අතෙහි මහපටඟිල්ල පාට කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ ඡන්ද විමසීමේදී ඡන්දදායකයාගේ වම් අතෙහි සුළැගිල්ල පාට කර තිබීම හේතුවෙන්.

ඡන්දදායකයගේ වම් අතෙහි මහපටඟිල්ල නොමැති නම් ඔහු‌ගේ දකුණු අතෙහි මහපටඟිල්ල හෝ වෙන යම් ඇඟිල්ලක් උචිත ලකුණුන් සලකුණු කිරීමට තීරණය කළ බව ද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads