Global Platform For All Sri Lankans

ෆිල් ලෙෂ් දිවි ගමනට සමුදෙයි..

 

ග්‍රේට්ෆුල් ඩෙඩ් සංගීත කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙකු වූ ෆිල් ලෙෂ් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිය යන විට ඔහු 84 වන වියේ පසු වූ බවයි සඳහන් වන්නේ.

ඔහු එම සංගීත කණ්ඩායමේ ප්‍රධාන බේස් වාදකයා ලෙස මෙන්ම ගීත රචකයෙක් ලෙසද කටයුතු කර තිබෙනවා.

ප්‍රසිද්ධියට පත් St Stephen, The Eleven සහ Dark Star යන ගීත ඔහු අතින් රචනා වූ ගීත අතර ප්‍රධාන වෙනවා.

ෆිල් ලෙෂ් ග්‍රේට්ෆුල් ඩෙඩ් සංගීත කණ්ඩායමට අමතරව The Other Ones (1998-1999), The Dead (2003-2004, 2008-2009) සහ Furthur (2009-2013) වැනි කණ්ඩායම් සමඟද කටයුතු කර තිබෙනවා.

1940 මාර්තු 15 වන දින කැලිෆෝර්නියාවේ බර්ක්ලි නගරයේ උපත ලැබූ ෆිල් ලෙෂ් සිය ළමා කාලයේ සිටම සංගීතයට කෙරෙහි දැඩි උනන්දුවක් දක්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads