Global Platform For All Sri Lankans

මස්ක් සහ පුටින් දෙදෙනා නිතර නිතර කතා කරලා..

නාසා පරිපාලක බිල් නෙල්සන් සිකුරාදා වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා සිට තිබෙනවා.

වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තා කර ඇත්තේ SpaceX නිර්මාතෘ සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මිත්‍රයෙකු වන එලොන් මස්ක් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් 2022 අග සිට නිත්‍ය සම්බන්ධතා පවත්වා ගෙන යන බවයි.

SpaceX නිර්මාතෘ රුසියානු නායකයා සමඟ “පුද්ගලික මාතෘකා, ව්‍යාපාරික සහ භූ දේශපාලන ආතතීන්” පිළිබඳව සාකච්ඡා කර ඇති බව පවසන එම වාර්තාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කල යුතු බවයි නාසා ප්‍රධානියා පවසන්නේ.

නාසා ආයතනය් සහ එක්සත් ජනපද හමුදාව සමඟ SpaceX හි සබඳතා නිසා සංවේදී රජයේ තොරතුරු සහ එක්සත් ජනපද බුද්ධි අංශ වෙත ප්‍රවේශය එලෝන් මස්ක් ට ලබා දී ඇති බව සඳහන්.

නමුත් ඔහු රුසියානු ජනපති සමග නිතර නිතර කතා බහ කිරීම අමෙරිකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටළු මතු කරන බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.

මේ නිසා මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ වෙනම විමර්ෂණයක් සිදු කළ යුතු බවට බිල් නෙල්සන් සඳහන් කර තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads