Global Platform For All Sri Lankans

පස්දුන්රට අධ්‍යාපන විද්‍යා පීඨයේ ගැටුමක්..

කළුතර පස්දුන්රට අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන් විසින් එහි සහකාර ශිෂ්‍ය නිවාස අධිකාරිවරියකට සහ සහකාර ශිෂ්‍ය නිවාස අධිකාරිවරයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පසුගිය 25 වැනිදා ලබාදීමට නියමිතව තිබූ දිවා ආහාරය ප්‍රමාදවීම හේතුවෙන් දෙපිරිස අතර බහින් බස්වීමක් සිදුවී ඇති බව සඳහන්.

එය දුරදිග යාමත් සමඟ මෙම පහරදීම සිදුවී ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

දිවා ආහාරය 12.30ට ලබාදිය යුතු වූවත්, එදින අදාළ ආහාරය ලබාදීම පැයකට වැඩි කාලයක් ප්‍රමාදවී ඇති බවයි සඳහන් වී ඇත්තේ.

මෙම අධ්‍යාපන විද්‍යා පීඨයේ ගුරු සිසු සිසුවියන් 600කට ආසන්න ප්‍රමාණයක් ඉගෙනුම ලබනවා. එදින සූපවේදීන් දෙදෙනකු පමණක් සේවයේ යෙදී ඇති බව සඳහන්.

ඒ හේතුවෙන්, මෙලෙස ආහාර ලබාදීමේ ප්‍රමාදයක් හටගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

එදින ආහාර වේල සඳහා ෆ්‍රයිඩ් රයිස්, මාළු ඩෙවල් සහ පරිප්පු සූදානම් කර තිබූ බව සඳහන්.

එහිදී පහරකෑමට ලක් වූ බව කියන පුද්ගලයෙක් ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු විසින් මේ සම්බන්ධයෙන් උතුරු කළුතර පොලිසියට පැමිණිල්ලක් ද කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින්, කළුතර පස්දුන්රට අධ්‍යාපන විද්‍යා පීඨයේ පීඨාධිපති හේමමාලි වීරකෝන් කියා සිටියේ, මෙය සුළු සිදුවීමක් බවයි.

“ඇත්තටම මේක සුළු සිද්ධියක්. පහර දීමක් සිදු වුනේ නැහැ. ආහාර ප්‍රමාදය නිසා ඇතිවූ නොසන්සුන්තාවයේදී උප පීඨාධිපතිතුමා ඊට මැදිහත් වුනාම මෙම පාලකතුමිය භාවිතා කළ වචන නිසා සිසු සිසුවියන් කුපිත වුණා. උප පීඨාධිපතිතුමාට එලෙස කතා නොකරන ලෙස කියමින් ඝෝෂා කළා. මෙහෙම වුනේ ඒ පාලකතුමිය මේ සිද්ධිය වීඩියෝ කළ නිසයි. පසුව සිසු සිසුවියන් ආහාර නොගෙන හිටියා.”

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

” ආණ්ඩුවේ ආයු කාලය සති තුනයි..  මට වගේම අනුරටත් බහුතරය නැහැ..”

රට පාලනය කිරීමට පළපුරුදු ඇති මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පත් කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ සඳහන්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads