දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ, දුම්රිය ස්ථානාධිපතීන්ගේ බඳවාගැනීමේ සහ උසස්වීම් ගැටලුවලට ඉදිරි පැය 72ක තුළ විසඳුමක් ඉල්ලමින්.
කෙසේවෙතත් වැඩ වර්ජන සිදු කරන දිනය සම්බන්ධයෙන් ඔවුන් ඉදිරියේදී ප්‍රකාශ කරනු ඇති.
දුම්රිය නියාමක සහ දුම්රිය ස්ථානාධිපති තනතුරු සඳහා වසර පහෙන් පහට ශ්‍රේණි උසස්වීම් දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව සඳහන්.
ඒ අනුව පැරණි විභාග ප්‍රතිඵල මත නියාමකවරුන්ගේ උසස්වීම් දී වැටුප් පරිවර්තනයක් ද සකස් කර ඇති බවයි, එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ.
දුම්රිය ස්ථානාධිපතිවරුන් සඳහා බඳවාගැනීමේ පටිපාටිය අනුමත කිරීමෙන් පසු උසස් කිරීමේ ක්‍රමවේදය ආරම්භ කළ යුතුයැයි දුම්රිය සාමාන්‍යධිකාරීවරයා දැනුම්දී තිබෙනවා.
තනතුරට අදාළ බඳවාගැනීමේ පටිපාටිය නියාමක සංගමයේ විරෝධය හේතුවෙන් අනුමැතිය සඳහා ඉදිරිපත් කර නොමැති බවයි සුමේධ සෝමරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේ.