ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කසරගොඩ ප්‍රදේශයේ කෝවිලක් තුළ ගින්නක් හටගෙන තිබෙනවා.
කෝවිලේ පැවති වාර්ෂික උත්සවයක් අතරතුර අද (29) අලුයම 12.30ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ.
ගින්නෙන් තුවාල ලැබූ 08 දෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන අතර, තවත් 150කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
එසේම , කන්හන්ගාඩ් දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කෙරුණු රෝගීන් 5 දෙනෙකුගේ තත්ත්වය අතිශය අසාධ්‍ය බවටද විදෙස් වාර්තා සඳහන් කරනවා.
තවත් පුද්ගලයන් 33 දෙනෙකු දිස්ත්‍රික් රෝහලටත්, 19 දෙනෙකු කන්හන්ගාඩ්හි අයිෂාල් රෝහලටත්, 12 දෙනෙකු අරිමල රෝහලටත් ඇතුළත් කර තිබෙන බවටද සඳහන්.
කෙසේ වෙතත්, එම කෝවිල අසල ගිනිකෙළි ගබඩාවක ඇති වූ ගින්නකින් මෙම ගින්න හට ගන්නට ඇති බවට යි මූලික පොලිස් පරීක්ෂණවලින් පෙනී යන්නේ යැයි ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.