වයස අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කරමින් නව නීති සම්මත කිරීමට ඕස්ට්‍රේලියාව පියවර ගන්නා බව අගමැති Anthony Albanese ප්‍රකාශ කර තිබෙනවා.
තරුණ පරිශීලකයින් ආරක්ෂා කිරීමට අපොහොසත් වන තාක්ෂණික සමාගම්වලට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි ඔහු මෙහිදී සඳහන් කර ඇත්තේ.
“මෙය අම්මලා තාත්තලා වෙනුවෙන්. සමාජ මාධ්‍ය දරුවන්ට සැබෑ හානියක් කරනවා. මම ඒ සඳහා කටයුතු කරනවා,” ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
අගමැතිවරයා මෙම වසර මුලදී සමාජ මාධ්‍ය වයස් සීමාවක් ප්‍රථම වරට යෝජනා කළ නමුත්, ඔහු එයට ස්ථිර අංකයක් දැමූ පළමු අවස්ථාව එයයි.
සමාජ මාධ්‍ය වයස් සීමාවක් හඳුන්වාදීමේ පූර්ව යෝජනා ඕස්ට්‍රේලියාවේ පුළුල් ද්විපාර්ශ්වික සහයෝගයක් ලබා තිබෙනවා.
නව නීති නොවැම්බර් අගදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර මෙම සතියේ රාජ්‍ය සහ ප්‍රදේශ නායකයින්ට ඉදිරිපත් කරන බවයි අගමැතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ.