Global Platform For All Sri Lankans

ඉතිහාසය වෙනස් කළ මැතිවරණයේ , ප්‍රතිඵල අනුව සිදුවු වෙනස්කම් සියල්ල මෙන්න..

මෙරට දේශපාලන ඉතිහාසයේ නව පරිච්ඡෙදයක් සනිටුහන් කරමින් සීයයට 3ක දේශපාලන බලවේගයක්ව පැවැති ජාතික ජන බලවේගය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් තුනෙන් දෙක ඉක්මවූ බලයක් ලබා ගැනීමට සමත් වුණා.
එසේම, අවසන් මහ මැතිවරණයේදී තුනෙන් දෙකකට ආසන්න බලයක් හිමි කරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර සියයට 3ක ප්‍රතිශතයකට ඇද වැටී තිබෙනවා.

තවද , මෙවර මහ මැතිවරනයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව ජාතක ජන බල වේගය ඡන්ද 6,863,186 ලබා ගත් අතර එය ප්‍රතිශතයක් ලෙස 61.56% ක් ලෙස දැක්වුණා.

කෙසේ වෙතත්, පසුගිය ජනාධිපතිවරණයේ දී අනුර කුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 5,634,915ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 42.31%ක්.

ජනාධිපතිවරණ ප්‍රතිඵලය සමඟ සසඳන විට ඔවුන් මෙවර වැඩි ඡන්ද 1,228,271ලබා ගෙන තිබෙනවා.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 159 හිමිකර ගත් අතර 2020 මහමැතිවරයේදී ඔවුන් ලබාගත් මන්ත්‍රී ධුර සංඛ්‍යාව 3ක් පමණයි

සමගි ජන බලවේගය 2024 ජනාධිපතිවරණයේදී සමස්ත ඡන්ද 4,363,035ලබා ගත් අතර එය ප්‍රතිශතයක් ලෙස 32.76% ක්.

කෙසේ වෙතත්, මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඔවුන්ට ලබා ගැනීමට හැකිවූ ඡන්ද සංඛ්‍යාව 1,968,716ක් වන අතර ඔවුන් ලබා ගත් මන්ත්‍රී ධුර සංඛ්‍යාව 40ක්.

නමුත් පසුගිය මහමැතිවරණයේදී ඔවුන් මන්ත්‍රී ධුර 54ක් ලබා ගෙන තිබුණා.

පසුගිය ජනාධිපතිවරණය සමග සැසදීමේදී ඡන්ද 2,394,319ක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගයට අහිමි වී තිබීම කැපී පෙනෙනවා.

ගෑස් සිලින්ඩරය ලකුණින් තරඟ කළ රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්ද 2,299,767 ලබාගත් අතර එය ප්‍රතිශතයක් ලෙස 17.27%.ක්.

කෙසේ නමුත්, මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 500,835ක් වන අතර එය පසුගිය ජනාධිපතිවරණය සමග සසඳන විට ඡන්ද 1,798,932ක පහත වැටීමක් පෙන්නුම් කරනවා.

මේ අතර 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඡන්ද 6,853,693 ක් හිමි කරගනිමින් ප්‍රබල ස්ථානයක පසු වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී හිමි කරගත හැකිවූයේ ඡන්ද 350, 429ක් පමණයි.

එය ප්‍රතිශතයක් ලෙස 3.14%ක්.

එම පක්ෂය 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී මන්ත්‍රි ධුර 145ක් හිමිකරගත් නමුත් මෙවර එම පක්ෂයට හිමිවූයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයත් සමගින් මන්ත්‍රි ධුර 3ක් පමණයි.

ඒ අනුව, 2020 පාර්ලිමේන්තු මැතිවරණය හා සංසන්දනය කිරීමේදී ඡන්ද 6,503,264ක ඡන්ද ප්‍රමාණයක් ඔවුන්ට අහිමි වී තිබෙනවා.

පසුගිය ජනාධිපතිවරයේ දී සර්ව ජන බලය පක්ෂය දිලිත් ජයවීර මහතා ඡන්ද 122,396ක් ලබා ගත් අතර මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී එම පක්ෂය ඡන්ද 178,006ක් ලබා ගනිමින් එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමිකර ගත්තා.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඉලංකෙයි තමිල් අරසු පක්ෂය ඡන්ද 327,168 සමගින් මන්ත්‍රී ආසන 10ක් හිමිකරගත් අතර මෙවර ඔවුන්ගේ ඡන්ද සංඛ්‍යාව 257,813ක් දක්වා සහ මන්ත්‍රී ආසන 8ක් දක්වා අඩු වී තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ පසුගිය ජනාධිපතිවරයේ දී ජාතික ජන බලවේගය ඡන්ද 629, 963ක් හිමි කර ගත් අතර, එම ඡන්ද සංඛ්‍යාව මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී 788,636ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජාතික ජන බලවේගයට එක් මන්ත්‍රී ධුරයක් හිමි වූ අතර මෙවර එය මන්ත්‍රී ධුර 14ක් දකවා වර්ධනය කර ගැනීම විශේෂත්වයක්.

සමගි ජන බලවේගයට 2024 ජනාධිපතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 342,108ක් ලබා ගත් නමුත්, එය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඡන්ද 208,249ක් දක්වා පහත වැටී තිබෙනවා.

ඔවුන් 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලබාගත් මන්ත්‍රී ධුර 06 මෙවර 4ක් දක්වා පහත වැටී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධුර 12ක් හිමි කර ගත් අතර මෙවර ඔවුන් කිසිඳු මන්ත්‍රී ධුරයක් දිනාගත්තේ නැහැ.

පසුගිය ජනාධිපතිවරණයේ දී ගෑස් සිලින්ඩරය ලකුණින් තරඟ කළ රනිල් වික්‍රමසිංහ මහතා ගම්පහ දිස්ත්‍රික්යෙන් ඡන්ද 281,436ක් හිමි කරගත අතර මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී එම ඡන්ද සංඛ්‍යාව 51,020ක් දක්වා පහත බැස තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ පසුගිය ජනාධිපතිවරයේ දී ජාතික ජන බලවේගය ඡන්ද 809,410ක් හිමි කර ගත් අතර එම ඡන්ද සංඛ්‍යාව මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී 898,759ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජාතික ජන බලවේගයට එක් මන්ත්‍රී ධුරයක් හිමි වූ අතර මෙවර එය මන්ත්‍රී ධුර 16ක් දකවා වර්ධනය කර ගැනීම විශේෂත්වයක්.

සමගි ජන බලවේගයට 2024 ජනාධිපතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 349,550ක් ලබා ගත් නමුත්, එය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඡන්ද 150,445ක් දක්වා පහත වැටී තිබෙනවා.

ඔවුන් 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලබාගත් මන්ත්‍රී ධුර 4 මෙවර 3 ක් දක්වා පහත වැටී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධුර 14ක් හිමි කර ගත් අතර මෙවර ඔවුන් කිසිඳු මන්ත්‍රී ධුරයක් දිනාගත්තේ නැහැ.

පසුගිය ජනාධිපතිවරණයේ දී ගෑස් සිලින්ඩරය ලකුණින් තරඟ කළ රනිල් වික්‍රමසිංහ මහතා ගම්පහ දිස්ත්‍රික්යෙන් ඡන්ද 216,028ක් හිමි කරගත අතර මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී එම ඡන්ද සංඛ්‍යාව 47,512ක් දක්වා පහත බැස තිබෙනවා.

කලුතර දිස්ත්‍රික්කයේ පසුගිය ජනාධිපතිවරයේ දී ජාතික ජන බලවේගය ඡන්ද 387,764 හිමි කර ගත් අතර එම ඡන්ද සංඛ්‍යාව මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී 452, 398ක් දක්වා වර්ධනය කරගෙන තිබෙනවා.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී කිසිඳු මන්ත්‍රී ආසනයක් හිමි කර නොගත් ජාතික ජන බලවේගය මෙවර මන්ත්‍රී ධුර 8ක් ලබා ගැනීම විශේෂත්වයක්.

සමගි ජන බලවේගයට 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී හිමි වූ මන්ත්‍රී ධුර 2 රැක ගැනීමට ඔවුන් සමත් වී තිබෙනවා.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ගෑස් සිලින්ඩරය එක් මන්ත්‍රී දුරයක් හිමි කරගත්ත ද ජනාධිපතිවරණයට ඔවුන්ට ලැබුණු ඡන්ද සංඛ්‍යාව ලක්ෂයකින් පමණ අඩු වී තිබෙනවා.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී මන්ත්‍රී ධුර 8ක් හිමි කරගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී කිසිඳු මන්ත්‍රී ධුරයක් ලබාගැනීමට හැකිවී නැහැ.

ගාල්ල දිස්ත්‍රික් ප්‍රතිපලයට අනුව ජාතික ජන බලවේගය පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්ද සංඛ්‍යාව 366,721ක් ලබා ගත්ත‍ා.

ඒ අනුව, ඔවුන් පසුගිය 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඔවුන් ට කිසිඳු මන්ත්‍රී ධුරයක් හිමි නොවූ අතර, මෙවර මන්ත්‍රී ධුර සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සමගි ජන බලවේගය පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්ද 189,555ක් ලබා ගත් අතර එම ඡන්ද සංඛ්‍යාව මෙවර 93,486ක් දක්වා පහත බැස තිබෙනවා..

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඔවුන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධුර 2ක් හිමිකරගත් නමුත් මෙවර එම පක්ෂයට හිමි වූයේ එක් මන්ත්‍රි ධුරයක් පමණයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ගාල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර 7ක් දිනාගත් අතර ඔවුන්ට මෙවර ලබාගත හැකිවූයේ එක් මන්ත්‍රී ධුරයක් පමණයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵලයට අනුව, ජාතික ජන බලවේගය මෙවර ජනාධිපතිවරණයේ දී ලබාගත් 221,913 ඡන්ද සංඛ්‍යාව මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී 234,083 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

2020 පාර්ලිමේන්තු මැතිවැරණයේ දී එම පක්ෂයට කිසිඳු මන්ත්‍රී ධුරයක් හිමි නොවූ අතර ඔවුන් මෙවර ලබාගත් මන්ත්‍රී ධුර සංඛ්‍යාව 5ක්.

පසුගිය ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගය 131,503 ක් ලබාගෙන තිබූ නමුත් මෙවර එම පක්ෂය ඡන්ද සංඛ්‍යාව 52,170 දක්වා පහත වැටී තිබෙනවා .

රාජපක්ෂවරුන්ගේ බලකොටුවක් වූ හම්බන්තොට දිස්ත්‍රික්කය පසුගිය 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී මන්ත්‍රී ධුර 6ක් හිමි කර ගත් නමුත්, මෙවර එක් මන්ත්‍රී ධුරයක් දක්වා පහත වැටී තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික්කය පසුගිය ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගය ඡන්ද 394,534ක් ලබා ගත් අතර මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඡන්ද 500,596ක් දක්වා වැඩිකර ගෙන තිබෙනවා.

සමගි ජන බලවේගය පසුගිය ජනාධිපතිවරණයේ දී 323,998ක් ලබාගත් නමුත් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී එම ඡන්ද සංඛ්‍යාව 145,939ක් දක්වා පහත වැටී තිබෙනවා.

එම පක්ෂයට 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී මන්ත්‍රී ධුර 4ක් හිමි වුවුද මෙවර එය මන්ත්‍රී ධුර 2ක් දක්වා අඩු වී තිබෙනවා.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී මන්ත්‍රී ධුර 8ක් ලබා ගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මෙවර මහනුවර දිස්ත්‍රික්කයෙන් කිසිඳු මන්ත්‍රී ධුරයක් හිමිවූනේ නැහැ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පසුගිය ජනාධිපතිවරයේ දී ජාතික ජන බලවේගය ඡන්ද 105,057 ලබා ගත් අතර, එම ඡන්ද සංඛ්‍යාව මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෛ් දී 161, 167ක් දක්වා වැඩි කර ගෙන තිබෙනවා.

ඔවුන් 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී කිසිඳු මන්ත්‍රී ධුරයක් ලබානොගත්තද මෙවර මන්ත්‍රී දුර 5ක් හිමි කර ගෙන තිබනෙවා.

සමගි ජන බලවේගය පසුගිය ජනාධිපතිවරයේ දී ඡන්ද 201,814ක් ලබා ගෙන දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළ ද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී එම පක්ෂය 101,589ක් දක්වා පහත වැටී තිබෙනවා.

එම පක්ෂය පසුගිය 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී මන්ත්‍රී ධුර 3ක් ලබාගත්තද මෙවර එම මන්ත්‍රී ධුර ගණන 2ක් දක්වා පහත බැස තිබෙනවා.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක ජීවන් තොණ්ඩමන් මෙවර නුවරඑළිය දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ අතර, ඔවුන්ට එක් මන්ත්‍රී ධුරයක් පමණක් හිමිවී තිබෙනවා.

ජනාධිපතිවරණයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගය 544,763ක් ලබාගෙන තිබූ අතර, එය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී 651,476ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම පක්ෂයට 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී කිසිඳු මන්ත්‍රී ධුරයක් හිමි නොවූ අතර, මෙවර සිය මන්ත්‍රී ධුර සංඛ්‍යාව 12ක් දක්වා වර්ධනය කර ගෙන තිබෙනවා.

සමගි ජන බල වේගය පසුගිය 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී මන්ත්‍රී ධුර 4ක් ලබා ගත් අතර, එය 3ක් දක්වා පහත බැස තිබෙනවා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී මන්ත්‍රී ධුර 11 ක් හිමි කරගෙන තිබූ අතර මෙවර ඔවුන් කිසිඳු මන්ත්‍රී ධුරයක් හිමිකරගෙන නැහැ.

බදුල්ල දිස්ත්‍රික්කයේ පසුගිය ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගය ඡන්ද 197,283ක් හිමි කර ගත් අතර, එම ඡන්ද සංඛ්‍යාව මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී 275,180ක් දක්වා වර්ධනය කරගෙන තිබෙනවා.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී කිසිඳු මන්ත්‍රී ආසනයක් හිමි කර නොගත් ජාතික ජන බලවේගය මෙවර මන්ත්‍රී ධුර 6 ක් ලබා ගැනීම විශේෂත්වයක්.

සමගි ජන බලවේගයට 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී හිමි වූ මන්ත්‍රී ධුර 3ක් වන අතර එය මන්ත්‍රී දුර 2 දක්වා පහත වැටී තිබෙනවා.

මෙවර බදුල්ල දිස්ත්‍රික්කයෙන් ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ එක් මන්ත්‍රී ධුරයක් හිමි කරගත් නමුත් පසුගිය ජනාධිපතිවරණයට සාපෙක්ෂව ඡන්ද 78,000කින් පමණ අඩු වී තිබෙනවා.

යාපනය දිස්ත්‍රික්කයේ පසුගිය ජනාධිපතිවරයේ දී ජාතික ජන බලවේගය ඡන්ද 27,086 ක් හිමි කර ගත් අතර, එම ඡන්ද සංඛ්‍යාව මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී 80,830ක් දක්වා වර්ධනය කරගෙන තිබෙනවා.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී කිසිඳු මන්ත්‍රී ධුරයක් හිමි කර නොගත් ජාතික ජන බලවේගය මෙවර මන්ත්‍රී ධුර 3ක් යාපනය දිස්ත්‍රික්කයෙන් හිමිකරගැනීම විශේෂත්වයක්.

ඉලංකෛයි තමිල් අරසු පක්ෂය යාපනය දිස්ත්‍රික්කයෙන් පසුගිය 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී මන්ත්‍රී ධුර 3ක් හිමි කරගත් නමුත් ඔවුන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී හිමි කරගෙන තිබෙන්නේ එක් මන්ත්‍රී ධුරයක් පමණයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads