සර්වජන ඡන්ද බලය පක්ෂය මීට වඩා ජයග්‍රහණයක් බලාපොරොත්තු වු බව එහි ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම පවසනවා.
කෙසේ වෙතත්, බලාපොරොත්තු වූ ජයග්‍රහණය නොලැබුණු ද, නැවුම් සළකුණක් ලෙස සිය පක්ෂය ද යම් ජයග්‍රහණයක් ලබා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
“මාලිමාව විශාල ජයග්‍රහණයක් ලබලා තිබෙනවා.. අපි ඒ ජනමතය පිළිගන්න අවශ්‍යයි.. ජයග්‍රහණය කරපු කණ්ඩායමට සුබ පතනවා අපි.. කඩාකප්පල්කාරී නොවන විපක්ෂයක් බිහිකිරීම සඳහා තමයි අපි තරග වැදුණේ.. අපි ඇත්ත කියන්න ඕන, අපි මීට වඩා ජයග්‍රහණයක් බලාපොරොත්තු වුණා.. අපි ආසන 05ක් හෝ 06ක් ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වුණා.. මේ මැතිවරණ ප්‍රතිඵලය දෙස බැලුවම මේක කරපු සේවය මත පදනම් වෙලා ප්‍රකාශ කරපු ඡන්දයක් නෙමෙයි කියලා පේනවා.. මොකද අපි දන්නවා සේවයක් කරන්න මේ කණ්ඩායම කොහේවත් බලයේ හිටියේ නැහැ.. බලයේ නොහිටියත් ඒ පක්ෂයේ ප්‍රතිපත්ති අනුව කාටවත් පැනඩොල් පෙත්තක්වත් දෙන්නෙත් නැහැ.. කොහොම වුණත් මේක දේශපාලන සුනාමියක් කිව්වොත් නිවැරැදියි.. ඒ නිසා මේ ජයග්‍රහණයට සුබ පතනවා.. ජනාධිපතිවරණයට පසුව ඉතාම කෙටි කාලයක් තමයි අපිට ලැබුණේ මහා මැතිවරණයට ලැහැස්ති වෙන්න.. අඩුම ගානේ අපිට තාම ලංකාවේ තියන සියළු ආසනවලට ආසන සංවිධායකවරු පත්කිරීමටවත් හැකියාව ලැබිලා නැහැ.. භාගේට සංවිධාන වුණු පක්ෂයකින් තමයි අපිට දුවන්න වුණේ..”