නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස රවී කරුණානායකගේ නම ගැසට් කර තිබෙනවා.
ඒ, මැතිවරණ කොමිෂන් සභාව විසින්.
කෙසේ වෙතත්, මේ වනවිට ඔහුගේ නම යෝජනා කිරීම සම්බන්ධයෙන් පක්ෂය තුළ අර්බුදයක් නිර්මාණයවී ඇති බව සඳහන්.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන කියා සිටියේ, පක්ෂයේ මහලේකම්වරිය රවී කරුණානායකගේ නම මැතිවරණ කොමිසම වෙත යෝජනා කිරීම සම්බන්ධව අවසන් තීරණය අද (19) ගැනීමට නියමිත බවයි.
එමෙන්ම ඇය ඊයේ (18) ගත් තීරණය සම්බන්ධයෙන් පක්ෂයේ කිසිවකු නොදැනුවත්ව සිටි බව ද වජිර අබේවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂගේ නම ගැසට් කර තිබෙනවා.
එමෙන්ම ඉලංකෙයි තමිල් අරසු කච්චිහි පී. සත්යලිංගම්ගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ගැසට් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
Author: Lanka Hit News
Post Views: 3