අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්රණ පැවැත්වීම අද (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය යුතු වනවා.
මෙවර උසස් පෙළ විභාගය, ලබන 25 දා සිට දෙසැම්බර් 20 දා දක්වා පැවැත්වීමට නියමිතයි.
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම උපදෙස් පිළි නොගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.
මේ අතර, විභාග කාලසීමාව තුළ විභාග අධීක්ෂණ කටයුතු ශක්තිමත් කිරීමටද පියවර ගෙන තිබෙනවා. ඒ පසුගිය කාලයේ ඇති වූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් බව ද සඳහන්.