පසුගිය (14) වෙනිදා පැවැත්වූ මහ මැතිවරණයෙන් ජය ලැබීමෙන් අනතුරුව, පිහිටවූ නව ආණ්ඩුව , ඊයේ (18) සිය කැබිනට් මණ්ඩලය තෝරා පත් කර ගනු ලැබුවා.
ඉන් අනතුරුව අද (19) සිය පළමු කැබිනට් හමුවේදී , කැබිනට් ප්‍රකාශක ලෙස අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පත් කරනු ලැබූ අතර,
අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස ද පත්කර තිබෙන බවට සඳහන් වනවා.
එමෙන්ම, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙසද පත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
Author: Lanka Hit News
Post Views: 8