ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නව ස්ථානාධිපතිවරයා ලෙස පොලිස් පරීක්ෂක දිනුක නුවන් වීරසිංහ ව පත්කර තිබෙනවා.
මෙම පත්වීම සිදුකර ඇත්තේ, වැඩ බලන පොලිස්පති, ප්‍රියන්ත වීරසූරිය විසින්.
පොලිස් පරීක්ෂක දිනුක නුවන් 2009 වසරේදී පොලිස් විශේෂ කාර්ය බළකා සේවයට එක්ව අනතුරුව, 2018 වසරේ ජනවාරි මස 18 වෙනි දින ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට එක් වූ නිළධාරියෙක්.
මෑතකදී මෙරට මහත් ආන්දෝලනයට තුඩු දුන් ‘ක්ලබ් වසන්ත’ ඝාතනයේ සැකකරුවන්, ‘හංවැල්ල බස් රථ ව්‍යාපාරිකයා’ ඝාතනයේ සැකකරුවන් ඇතුළු අපරාධ රැසක සැකකරුවන් නීතියේ රැහැනට කොටු කරගැනීමට කටයුතු කළ දක්ෂ නිලධාරියෙක් ලෙසයි ඔහු හැඳින්වෙන්නේ.
දිනුක නුවන් මීට පෙර අතුරුගිරිය පොලීසියේ අපරාධ අංශයේ සහ බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ සේවය කර තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 336