විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන් හේමචන්ද්‍ර මඩකලපුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ලෙස පත් කර තිබෙනවා.
ජනාධිපති අනුරකුමාර දිසානායක විසින් අදාළ පත්වීම සිදුකර ඇති බව සඳහන්.
ජනාධිපති ලේකම් කාර්යාලය විසින්, ඒ සම්බන්ධයෙන් වන පත්වීම් ලිපි ත්‍රිකුණාමලය හා මඩකලපුව දිසාපති කාර්යාලවලට දන්වා යවා තිබෙනවා.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ජාතික ජන බලවේග පක්ෂයෙන් පසුගිය මහා මැතිවරණයෙන් වැඩි මනාප ලබාගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අරුන් හේමචන්ද්‍ර පිලිපීනයේ ඇග්ලක් විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යා උපාධිධාරියකු ද වනවා.
Author: Lanka Hit News
Post Views: 323