ලබන වසරේ පෙබරවාරි මාසයේ සිට වාහන ආනයනය අනිවාර්යෙන්ම සිදු කළ හැකි බවට තමන් අපේක්ෂා කරන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙච්චිගේ පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද සභාපතිවරයා කියා සිටියා.
වාහනය ආනයනය කිරීමේ අවශ්‍යතාව වත්මන් ආණ්ඩුව හඳුන්වාගෙන ඇති බව සඳහන්.
ඒ අනුව, ඊට අදාළ මුදල් වෙන් කිරීමට මහබැංකුව අනුමැතිය ලබාදී ඇති බවයි, සභාපති ඉන්දික සම්පත් මෙරෙච්චිගේ අවධාරණය කළේ.
වාහන ආනයනය අත්හිටුවීම හේතුවෙන් එම කර්මාන්තයේ නිරත වන 600ක් පමණ වසර හතරකට ආසන්න කාලයක් දැඩි පීඩාවට ලක්ව සිටිනවා.
මොවුන්ට සාධාරණයක් ඉටු විය යුතු බව ද ඉන්දික සම්පත් මෙරෙච්චිගේ වැඩිදුරටත් අවධාරණය කළා.
Author: Lanka Hit News
Post Views: 351