පාසල් සංවර්ධන නිලධාරින් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා තරග විභාගයක් පැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමුවී තිබෙනවා.
ඒ, පාසල් සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ ගැටලු සම්බන්ධ සාකච්ඡාවකට වෘත්තීය සංගම් නියෝජිතයන් සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේදීයි.
එහිදී බඳවා ගැනීම් සඳහා වයස් සීමාව උපරිම අවුරුදු 45 දක්වා සලකා බැලීමට හැකි බවටයි, සාකච්ඡාවී ඇත්තේ.
සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුව පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් වූ අතර ඔවුන් ගුරු සේවයට බඳවා ගැනීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇති පරිදි රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශයන්ට යටත්ව ක්‍රියා කළ යුතු බව දෙපාර්ශ්වයේ අදහස වූ බව සඳහන්.
අදාළ විසඳුම් ක්‍රියාත්මක කරන තෙක් පාසල් සංවර්ධන නිලධාරීන් රජයේ වෙනත් කාර්යාල වෙත අනුයුක්ත කිරීම තාවකාලිකව අත්හිටුවීමට ද අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බවට ලේකම්වරයා පොරොන්දු වුණා.
ඉතා කඩිනමින් මෙම ගැටලුව විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සේනාරත්න වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.