උත්සව සමයේදී පාරිභෝගිකයන්ට සිදුවිය හැකි අසාධාරණකම් වැළැක්වීම සඳහා පාරිභෝගික අධිකාරිය විසින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව, එම අධිකාරිය විසින් ඊයේ (01) ආරම්භ කළ සිල්ලර වෙළඳසැල් සහ සුපිරි වෙළඳසැල් වැටලීම් ලබන වසරේ ජනවාරි 15 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
එහිදී, ඇඳුම් පැළඳුම්, කල් පවත්නා භාණ්ඩ, විදුලි උපකරණ සහ අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරනු ලබන වෙළඳසැල් වෙත විශේෂ අවධානයක් යොමු කරන බවයි පාරිභෝගික අධිකාරීය සඳහන් කළේ.
එමෙන්ම ‘ජංගම වෙළඳුන්’ සහ ‘සේල්’ වැනි ක්‍රියාකාරකම් පිළිබඳව ද අධීක්ෂණයට ලක් කිරීමට ද නියමිතව තිබෙනවා.
ඒ අනුව, උත්සව සමයේ පැමිණිලි ඇති මහජනතාවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ක්ෂණික ඇමතුම් අංකය වන 1977 හරහා දැනුම් දිය හැකියි.
Author: Lanka Hit News
Post Views: 19