Global Platform For All Sri Lankans

පොලී අනුපාතය ස්ථාවරව පවත්වාගෙනයෑම වගකීමක්

උද්ධමනය ඉහළ නොයන ලෙස පොලී අනුපාතය ස්ථාවරව පවත්වාගෙන යෑම මහ බැංකුවේ වගකීමක් බවත්, පසුගිය කාලයේ දී එය සිදු නොවූ බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

පසුගිය කාලයේදී එය සිදුනොවීම නිසා උද්ධමනය සීඝ්‍රයෙන් ඉහළ ගියද, වර්තමානයේ ක්‍රියාත්මක මූල්‍ය ප්‍රතිපත්තියට අනුව එසේ සිදු නොවන බව ද මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළා.

අලුතින් මුදල් මුද්‍රණය කිරීම සහ උද්ධමනය සම්බන්ධයෙන් කරන ලද විමසීමකට පිළිතුරු දෙමින් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, පොලී අනුපාත ස්ථාවරව පවත්වාගෙන යෑම සඳහා මහ බැංකුව සංසරණයට අවශ්‍ය මුදල් නිකුත් කරන බවයි.

නව මහ බැංකු පනතට අනුව මහ බැංකුවට සෘජුව මුදල් මුද්‍රණය කිරීමේ හැකියාවක් නැති බව ද සඳහන් කරන මහ බැංකු අධිපතිවරයා, දිනපතා මුදල් සංසරණය ස්ථාවරව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය මුදල් නිකුත් කිරීම හෝ සංසරණයේ පවතින වැඩි මුදල් නැවත ලබාගැනීම මහ බැංකුව සිදුකරන බව ද පවසා සිටියා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads