Global Platform For All Sri Lankans

ගිනීයාව ගිනියම් වෙයි 100කට අධික පිරිසක් මරුට

ගිනියාවේ දෙවන විශාලතම නගරය වන Nzérékoré හි පාපන්දු තරඟයකදී ඇති වූ ගැටුමකින් පසු අවම වශයෙන් පුද්ගලයින් 100ක් පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට අගමැති Oury Bah නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, අදාළ සිදුවීම් “ඛේදජනක” එකක් වන අතර, විපතට පත් වූවන්ට සිය ශෝකය ප්‍රකාශ කරන බවයි.

“රෝහලේ ඇසට පෙනෙන පරිදි සිරුරු පෙළ ගැසී ඇති” බව, නම සඳහන් කිරීමට අකමැති වෛද්‍යවරයෙක් AFP පුවත් ඒජන්සියට ප්‍රකාශ කර තිබෙනවා.

පාපන්දු තරගයේ, සංචාරක කණ්ඩායමේ ආධාරකරුවන් විනිසුරුවරයා කෙරෙහි කෝපයෙන් තණතීරුව දෙසට ගල් ගැසීමෙන් පසු පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති අතර ඉන් පසුවයි ගැටුම හටගෙන ඇත්තේ.

පසුව ක්‍රීඩා ලෝලීන් තණතීරුව ආක්‍රමණය කර තිබෙනවා.

මේ අතර සිදුවීමෙන් පසුව කලාපයේ අන්තර්ජාල ප්‍රවේශය සීමා කර ඇති අතර තුවාල ලැබූවන් ප්‍රතිකාර ලබන රෝහලට ඇතුළු වන දොරටුව අසල පොලිසිය ආරක්ෂා සඳහා යොදවා ඇති බව ද සඳහන්.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads