මෙරටට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 142,624ක පුද්ගලයින් 479,871ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එහිදී, පවුල් 3,114ක පුද්ගලයන් 10,204ක් මේ වනවිට ආරක්ෂිත ස්ථාන 99ක සිටින අතර, තවත් පවුල් 18,886ක පුද්ගලයන් 65,020ක් ඥාතී නිවෙස්වල රැඳී සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
එමෙන්ම, අයහපත් කාලගුණයෙන් සිදුවූ බලපෑම් මත පුද්ගලයින් 17 දෙනෙකු ජිවිතක්ෂයටද පත්ව තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් බදුල්ල, කොළඹ, ගම්පහ, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 09ක් සඳහා නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීම් අද පස්වරු 04.00 දක්වා දීර්ඝ කර තිබුණා.
Author: Lanka Hit News
Post Views: 1