Global Platform For All Sri Lankans

Lanka Hit News

රාමනාදන් අර්චුනාට පාර්ලිමේන්තුවේදී පහර දීලා ද? කතානායකට පැමිණිල්ලක්..

 

තමන්ට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා පහර දුන් බවට යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා චෝදනා කරනවා.

පාර්ලිමේන්තුවේදී රීති ප්‍රශ්නයක් මතු කරමින් ඔහු කියා සිටියේ, විපක්ෂ නායක කාර්යාලයට පැමිණි අවස්ථාවේදී එම සිද්ධිය සිදු වූ බවයි.

ඒ සම්බන්ධයෙන් චෝදනා කළ මන්ත්‍රී අර්චුනා,

“පස්වරු 02.30ට විතර මම විපක්ෂ නායක කාර්යාලය වෙත ගියා. විවාදය සඳහා වෙන් කරලා තිබුණ වෙලාව ගැන අහන්නයි ගියේ. කොහොමද වෙලාව වෙන් කරන්නේ.? අද දවස ගැන කිසිම දෙයක් මට කියලා තිබුණේ නැහැ. හෙට මගේ වෙලාව තියෙනවා ද නැද්ද කියලා අහන්න ගියා. එතැන නිලධාරින් හිටියා. එයාලා මාව කාමරයකට එක්කගෙන ගියා. ඒ ගොල්ලෝ හවස 4.00ට වෙලාව දෙන්න පුළුවන් කියලා. මේ වෙලාව දෙන්නේ කොහොමද කියලා මට දැනගන්න අවශ්‍ය වුණා. එතකොට සුජිත් කියන පුද්ගලයාටයි, තව කෙනෙකුටයි කතා කරන්න කිව්වා. එයාලා තමා තීරණය ගන්නේ කියලා. ඒ ගොල්ලන්ට තනි තීරණයක් ගන්න බැහැ කියලා කිව්වා. පක්ෂ නායක විදිහ මට උත්තරයක් අවශ්‍යයි කියලා කිව්වා. ඒ වෙලාවේ සුජිත් කියන පුද්ගලයා මට ගැහුවා.”

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads