Global Platform For All Sri Lankans

Lanka Hit News

රාත්‍රී 09.30 වෙන තෙක් දිවෙන අද මැතිසබය..

 

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඇතිවූ ආපදා තත්ත්වය පිළිබද සභාව කල්දැමීමේ විවාදය අද (04) පැවැත්වීමට නියමිතයි.

කථානායක ආචාර්ය අශෝක රන්වලගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පැවති පක්ෂ නායක රැස්වීමේදීයි එම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව, අදාළ විවාදය අද පස්වරු 05.30 සිට රාත්‍රී 09.30 දක්වා පැවැත්වෙනු ඇති.

තවද, ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ දෙදින විවාදය ඊයේ (03) ආරම්භ වුණා.

ඊට අදාළ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම, ලබන වසරේ පළමු මාස 04 සදහාවන අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය ද අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණෙනු ඇති.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads