ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සභාපති ධූරය අද ( 06 ) නිල වශයෙන් භාර ගත් බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
මෙතෙක් එහි සභාපති ධුරය දැරුවේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු ලේකම් ජේ ෂා විසිනුයි.
ජේ ෂා ICC සභාපති ධුරය භාර ගැනීමත් සමඟ හිස් වූ තනතුරටයි ශම්මි පත් කර ඇත්තේ.
ඔහු ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මූල්‍ය සහ අලෙවි කමිටුවේ සභාපතිවරයා ලෙස වසර ගණනාවක් කටයුතු කර තිබෙනවා.
ධුරයේ වැඩ භාර ගනිමින් නව සභාපතිවරයා පැවසුවේ ආසියානු ක්‍රිකට් කවුන්සිලයට නායකත්වය දීමට ලැබීම විශාල ගෞරවයක් බවත්, ආසියාවේ හදගැස්ම වන ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවීමට, නැගී එන දක්ෂයන්ට අවස්ථා ලබාදීමට සහ මෙම සුන්දර ක්‍රීඩාව තුළින් අපව එකමුතු කරන බැඳීම් ශක්තිමත් කිරීමට සියලුම සාමාජික රටවල් සමඟ සමීපව කටයුතු කිරීමට ඔහු බලාපොරොත්තු වන බවයි.
එමෙන්ම ශම්මි සිල්වා මහතා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ හිටපු සභාපති ජේ ෂා එම තනතුරින් ඉවත්ව යාම වෙනුවෙන් හෘදයාංගම කෘතඥතාව පළකර ඇති බවද පවසනවා.