Global Platform For All Sri Lankans

Lanka Hit News

තවත් දීමනාවක් ඉහළට

 

වකුගඩු රෝගී දීමනාව රු.7500 සිට රු.10,000 දක්වා වැඩි කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර ඇති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, රජය මගින් ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන්, සවිබලගැන්වීමේ වැඩසටහන් සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් තොරතුරු යාවත්කාලීන කිරීම්ක් මේ දිනවල සිදුකරන නමුත් එමගින් ජනතාවට ලැබෙන කිසිදු ප්‍රතිලාභයක් කිසිදු අයුරකින් අහිමි කිරීමක් සිදු නොවන බවයි..

ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලයේ තොරතුරු අනුව දැනට වකුගඩු රෝගීන් 47,244ක් මෙරට සිටින බවත් එම සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකි බැවින් මෙම තොරතුරු යාවත්කාලීන කිරීම ඉතා වැදගත් බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads