Global Platform For All Sri Lankans

Lanka Hit News

දකුණු අප්‍රිකාවට එරෙහි අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී ශ්‍රී ලංකාවට ලකුණු 109 ක පරාජයක්

දකුණු අප්‍රිකාව සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ලකුණු 109 ක පරාජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (9) සිදු වුණා.

Gqeberhaහියි මෙම තරඟය පැවැත්වුයේ.

තරඟාවලියේ අවසන් දිනය වූ අද දිනය ආරම්භ කරන විට ජයග්‍රහණය සදහා දෙවැනි ඉනිමේදී ලකුණු 348 ක ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 5 ක් දැවී ලකුණු 205කුයි ලබා සිටියේ.

නමුත් ඔවුන්ට අද දිනය අවසානයේදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 238ක් පමණි.

අද දිනයේ පළමු කඩුල්ල නොහොත් ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 46 කට දවා ගැනීමට කේෂාව් මහරාජ් සමත් වුණේ තරඟයේ ජයග්‍රහණය පිළිබද ශ්‍රී ලංකාව තබා තිබූ බලාපොරොත්තු බිඳ දමමිනි.

අනතුරුව ධනංජය ද සිල්වා ලකුණු 50 කට පිටිය හැර ගියේ කාගිසෝ රබාඩාගේ පන්දුවක් හමුවේයි.

ධනංජය හා මෙන්ඩිස් අතර 6 වැනි කඩුල්ලට ගොඩ නැගී තිබූ සම්බන්ධතාවය ලකුණු 97 (159)ක්.

ප්‍රභාත් ජයසූරිය ලකුණු 9 කටත්, විශ්ව ප්‍රනාන්දු ලකුණු 5 කටත්, ලහිරු කුමාර එක් ලකුණකටත් දවා ගනිමින් දකුණු අප්‍රිකාව තරඟයේ ජය වාර්තා කළා.

තරඟාවලියේ ජය ද දකුණු අප්‍රිකානුවන් තරඟ 2-0 ක් ලෙස තහවුරු කර ගන්නේ මේ අනුව වේ.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කමිදු මෙන්ඩිස් ලකුණු 35 ක් හා ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 32 ක් ලබා ගත්තා.

මෙම තරඟයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් වීමට බෙහෙවින් බලපානු ලැබුවේ ඔවුන්ට ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා සිය ඉනිම් පරිවර්තනය කර ගැනීමට නොහැකි වීම නිසයි.

පන්දු යැවීමේ දී කේෂාව් මහරාජ් ලකුණු 76 කට කඩුලු 5 ක් දවා ගත්තා.

කාගිසෝ රබාඩා හා ඩේන් පැටර්සන් කඩුලු 2 බැගිනුයි බිද හෙලනු ලැබුවේ.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලකුණු 358 ක් ලබා ගත් අතර පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ලබා ගත් මුළු ලකුණු සංඛ්‍යාව 328ක්.

එහිදී දකුණුු අප්‍රිකාව දෙවැනි ඉනිමට ලකුණු 317 ක් ලබා ගනු ලැබුවා.

ඒ අනුව තරඟයේ වීරයා ලෙසත් තරගාවලියේ වීරයා ලෙසත් පිළිවෙලින් සම්මානයෙන් පිදුම් ලැබුවේ ඩේන් පැටර්සන් හා ටෙම්බා බවූමායි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads