Global Platform For All Sri Lankans

Lanka Hit News

දික්වැල්ලගේ තරඟ තහනම් කාල සීමාව අඩු කරයි

මත්ද්‍රව්‍ය භාවිත කළ බවට චෝදනා එල්ල කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට පනවා තිබූ තරඟ තහනම මාස 03 දක්වා ලිහිල් කර ඇති බවට ක්‍රිකට් ආරංචිමාර්ග පවසනවා.

පසුගියදා නිමාවූ LPL තරඟාවලිය අතරතුර මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සම්බන්ධ චෝදනාවලට අදාළව පරීක්ෂණයක් සඳහා නිරෝශන් දික්වැල්ල ජාතික ක්‍රීඩා විනය කමිටුව හමුවට කැඳව තිබුණා.

එහිදී තමා කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කළ බවට ඔහු විසින් පිළිගෙන තිබෙනවා.

ඒ අනුව පසුගිය සැප්තැම්බරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔහුට එරෙහිව සියලුම ආකාරයේ ක්‍රිකට් තරඟ සඳහා වසර 03 ක තරඟ තහනමක් පැනවීමට තීරණය කරනු ලැබු බව සඳහන්.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads