Global Platform For All Sri Lankans

Lanka Hit News

Search
Close this search box.

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය

 

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 18 හි උපාධි ප්‍රදානෝත්සවය නෙළුම් පොකුණ රංග ශාලාවේ දී පසුගිය (12)දා පැවැත්වුණා.

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) යි.

එමෙන්ම ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද හා ගුවන් හමුදාපතිවරු ගෞරවනීය ආරාධිතයන් ලෙස මෙම උත්සවයට සහභාගිව සිටියා.

එම සම්භාවනීය අමුත්තන් පිළිගන්නා ලද්දේ, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් කපිල දොලගේ විසිනි.

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අංක 18 පාඨමාලාව මෙම වසරේ ජනවාරි මාසයේ ආරම්භ කරන ලද අතර, අවසන් වූයේ දෙසැම්බර් මාසයේදී යි.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිලධාරීන් 78 දෙනෙකු, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 21 දෙනෙකු සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් 26 දෙනෙකුගෙන් සමන්විත නිලධාරීන් 150 දෙනෙකු හට මෙම උත්සවයේදී උපාධි ප්‍රදානය කරන ලදී.

මීට අමතරව බංග්ලාදේශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මාලදිවයින, මැලේසියාව, නේපාලය, පාකිස්ථානය, රුවන්ඩාව, සෞදි අරාබිය, සෙනෙගල් රාජ්‍යය, අමෙරිකා එක්සත් ජනපදය සහ සැම්බියාව යන රටවල විදෙස් නිලධාරීන් 25 දෙනෙකු හට ද මෙම අවස්ථාවේදී උපාධි පිරිනමනු ලැබුවා.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) විසින් විවිධ අධ්‍යයන ක්‍ෂේත්‍ර ඔස්සේ ‍දස්කම් දැක්වූ උපාධිධාරීන් හට ඔවුන්ට හිමි විශේෂ සම්මාන ප්‍රදානය කරන ලදී.

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය ත්‍රිවිධ හමුදාවේ මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීන්ගේ හමුදාමය අධ්‍යයන කටයුතු සිදු කරනු ලබන උසස්ම අධ්‍යයන ආයතනය වන අතර, එය තෝරාගත් ශිෂ්‍ය නිලධාරීන්ගේ අණදීමේ සහ අනෙකුත් රාජකාරීන් සඳහා වන වෘත්තීය දැනුම සහ අවබෝධය වර්ධනය කිරීමේ අරමුණින් පිහිටුවන ලද්දකි.

මෙමගින් ලෝකයේ වෙනත් බොහෝ සන්නද්ධ හමුදාවන් විසින් ක්‍රියාත්මක කරන ආරක්‍ෂක මූලධර්ම හා උපාය මාර්ගික මට්ටමේ සැලසුම් සහ ඉගැන්වීම් පිළිබඳ අධ්‍යයනය කිරීමට ශිෂ්‍ය නිලධාරීන් හට අවස්ථාව සලසා දෙයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads