Global Platform For All Sri Lankans

Lanka Hit News

Search
Close this search box.

අරමුදල් අත්හිටුවයි, තවත් ප්‍රශනයක් ද ?

 

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් සහ ආසියානු ඔලිම්පික් කමිටුවෙන් මෙරට ඔලිම්පික් කමිටුවට ලබාදෙන අරමුදල් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ ජාතික ඔලිම්පික් කමිටුව අභ්‍යන්තරයේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන්.

කෙසේවෙතත්, ඔලිම්පික් ශිෂ්‍යත්ව සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුකරන සෘජු ගෙවීම් එලෙසම ක්‍රියාත්මක කෙරෙන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ජාතික ඔලිම්පික් කමිටුව වෙත ඊමේල් පණිවුඩයකින් දන්වා ඇති බව සඳහන්.

ඊයේ (13) පැවති ජාතික ඔලිම්පික් කමිටු විශේෂ මහා සභා රැස්වීමේදී ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය කඩිනමින් පැවැත්විය යුතු බවට තීරණය වූ බවට වාර්තා වනවා.

එසේම, කමිටුවේ වත්මන් නිල කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ 2026 අප්‍රේල් මාසයේදීයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads