තායිලන්තයේ පැවති උත්සව අවස්ථාවකදී, ඊට සහභාගි වෙමින් සිටි පිරිස දෙසට එල්ල කළ පුපුරණ ද්‍රව්‍යයක් හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
තවත් පුද්ගලයින් 48දෙනෙකු එම ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බවයි කියන්නේ.
එරට උම්ෆැන්ග් ප්‍රදේශයේ වාර්ෂිකව පවත්වනු ලබන රතු කුරුස ‘Doi Loyfa fair’ ප්‍රදර්ශනය අතරතුරදියි මෙම ප්‍රහාරය එල්ලවී තිබෙන්නේ.
ප්‍රහාරය එල්ල කළ බවට සැකකරන පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසන්නේ.
Author: Lanka Hit News
Post Views: 26