බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී ඊයේ (15) රජරට රැජිණ හා සාගරිකා දුම්රිය එංජින් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවුණා.
බෙලිඅත්තේ සිට අනුරාධපුරය දක්වා ධාවන වූ රජරට රැජින දුම්රියේ එංජිම මාරු කරන අවස්ථාවේදී වැරදි පීල්ලේ ධාවනය වීම හේතුවෙන් එම පීල්ලේ නවතා තිබූ සාගරිකා දුම්රියේ ගැටීමෙන් අනතුර සිදුවුණා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් මේ වනවිට ආරම්හ කර ඇති බවයි.
අනතුරින් සාගරිකා දුම්රියට දැඩි හානි සිදුව ඇති අතර, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම දුම්රිය අද(16) උදෑසන ධාවනයට එක් කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි.
එමෙන්ම, මෙම අනතුර හේතුවෙන් ඊයේ පෙ.ව. 8.45ට බෙලිඅත්තේ සිට අනුරාධපුර බලා ධාවනය වීමට නියමිතව තිබූ රජරට රැජින දුම්රිය ද ප්රමාද වී ධාවනය කිරීමට සිදුවුණා.
Author: Lanka Hit News
Post Views: 1