සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 5 කින් යුත් බෝර්ඩර්-ගවස්කාර් කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ තෙවැනි තරඟය ජය පරාජයෙන් තොරව අද (18) නිමාවට පත් වී තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
එම තරඟයට පස්වැනි දිනයට ද වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වීම හේතුවෙන් අද දිනයේදී ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 24.1 ක් පමණි.
තරඟය පැවැත්වෙන්නේ බ්රිස්බේන්වලයි.
අද දිනයට තරඟය ආරම්භ කරන විට ඉන්දියාව සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් කඩුලු 9ක් දැවී ලකුණු 252 ක් ලබා තිබෙනවා.
ඕස්ට්‍රේලියාව පළමු ඉනිමට රැස් කළ ලකුණු 445 ට පිළිතුරු ලෙස ඉන්දීය ක්‍රීඩකයින් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 260ක් බවයි කියන්නේ.
ඕස්ට්‍රේලියාව සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලකුණු 89 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට පියවර ගත්තා.
ඒ තරඟය ජය ගැනීම සදහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඉන්දියාවට ලකුණු 275 ක ඉලක්කයක් හිමි කර දෙමිනි.
ඒ කෙසේ වෙතත්, තරඟය වර්ෂාව හේතුවෙන් නතර කරන විට ඉන්දියාව කඩුලු කිසිවක් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 8ක් බව සඳහන්.