ශුරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඉන්දීය තරඟ පැවැත්වීම සදහා මධ්‍යස්ථ ස්ථානය ලෙස සත්කාරක පාකිස්තානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය තෝරාගෙන තිබෙනවා.
ඒ අනුව ලබන වසරේ පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ශුරයින්ගේ කුසලාන තරඟාවලියේ ඉන්දීය කණ්ඩායම සහභාගි වන සියලු තරඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්විමටයි සුදානම් කර ඇත්තේ.
ලබන වසරේ පැවැත්වෙන ශුරයින්ගේ කුසලාන තරඟාවලිය පවත්වන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පවත්වනු ලැබු අතර ඒ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පාකිස්තානයේ සංචාරය කිරීමට විරෝධය පල කිරීම හේතුවෙනි.
ඉදිරියේදි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන සියලු තරගාවලි තරඟාවලිවලදී පාකිස්තානය සහ ඉන්දියාව අතර තරඟ මධ්‍යස්ථ ස්ථානයක පැවැත්වීමටත්, ශුරයන්ගේ කුසලාන තරඟාවලියේ ඉන්දීය තරඟ මධ්‍යස්ථ ස්ථානයක පැවැත්වීමටයි එහිදී තීරණය කරනු ලැබුවේ.
මෙම තරඟාවලියේ ඉන්දීය පාකිස්තානය අතර පළමු වටයේ පළමු තරඟය පෙබරවාරි 23 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදි පැවැත්වීමට නියමිත බව සඳහන්.