Global Platform For All Sri Lankans

Lanka Hit News

අසිරිමත් නත්තල අදයි…

සාමයේ පණිවුඩය ලොවට රැගෙන ආ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සිහිකෙරෙන අසිරිමත් නත්තල් දිනය අද(25)ට යෙදී තිබෙනවා.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සිහි කෙරෙන නත්තල කිතුණු ජනතාව අද මහත් බැතියෙන් සමරනු ලබනවා.

නත්තල , ලොවට ගෙන එන්නේ සාමයේ හා සහජීවනයේ අසිරිමත් පණිවුඩයයි.

‘සාමයේ කුමාරයාණෝ’ ලෙස ලෝකවාසීන්ගේ භක්තියට සහ ගෞරවයට පාත්‍ර වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සුවිශේෂී උපත යෙදී ඇති දෙසැම්බර් මස 25 වැනි දිනය නත්තල් දිනයයි.

නතාලේ යන ලතින් වචනයෙන් විකාශනය වී ඇති නත්තල යන වචනයේ අරුත වන්නේ උපත යන්නයි.

සීතල උඳුවප් මාසයේ ගවලෙනක උපත ලැබූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ලෝක සාමය උදාකිරීම සඳහා සිය ජීවිතය කැප කළ ගෞරවණීය ආගමික ශාස්තෘවරයෙකි.

බෙත්ලෙහෙම් අහස් කුසේ දීප්තිමත් තාරකාවක් පායා තිබුණේ ලොවට බිහිවන ගැලවුම්කරුවාණන් පිළිබඳ සුබ පෙරනිමිති පහළ කරමින්.

ලෝවැසියන් පාපයෙන් මුදා ගැනීමට උපන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ , සියල්ලන් දුකින් මුදා ගැනීම සඳහා බාධා රැසක් මැද ඉටු කළේ සුවිශාල මෙහෙයක්.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads