භේදයේ අඳුර දුර ලා සාමය රජයන සහෘදයින්ගේ දේශය බවට අප රට ක්‍රමයෙන් පරිවර්තනය වෙමින් පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
සිය නත්තල් දින සුබ පැතුම් පණිවුඩයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, මනුෂ්‍ය නිදහස හා සාධාරණත්වයේ පදනම මත පිහිටා ජේසුස් වහන්සේ කළ අරගලය නිසාම උන්වහන්සේ පූජනීයත්වයට පත් කළ බවයි.
එම මනුෂ්‍ය නිදහස සහ සාධාරණත්වය අගයමින් උන්වහන්සේගේ මඟ පෙන්වීම වර්තමානයේ යථාවක් කිරීමට රජයක් ලෙස කැප වී සිටින බව ද ජනාධිපතිවරයාගේ නත්තල් පණිවුඩයේ සදහන්.
මේ අතර නත්තලේ සැබෑ අර්ථය වන සාමුහිකත්වය, කෘතඥතාව සහ සාමය පෙරදැරි කර ගනිමින් උදා වූ නත්තල ප්‍රීතිමත්ව සහ අර්ථාන්විතව ගත කළ යුතු බව අග්‍රාමාත්‍ය, ආචාර්ය, හරිනි අමරසූරිය පවසනවා.
ඒ නත්තල් දින සුබ පැතුම් පණිවුඩයෙන් නිකුත් කරමින්.
ජාතියක් වශයෙන් නැවත ගොඩනැගෙන මෙම පුනරුද සමයේ තම පවුල හා හිතමිත්‍රාදීන් සමඟ කාලය ගත කිරීම ඉතා වැදගත් බවත් සාමුහිකව කටයුතු කිරීම, බෙදා හදා ගැනීම හා එකිනෙකාට සහය වීම මඟින් අපගේ සබදතා මෙන්ම ශක්තීන් ද වර්ධනය කර ගැනීම වැදගත් බවත් එහි සදහන්.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද නත්තල් දින සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවාසී සියලු කිතුණු ජනයාට ප්‍රීතිමත් සුබ නත්තලක් ප්‍රාර්ථනා කරන බවයි.
බංකොළොත්භාවයෙන් මිදීමට නම් ජාති, ආගම්,පක්ෂ භේදයකින් තොරව සියලු ජනතාව සහෝදරත්වයෙන් එකට එක්විය යුතු බව ද ඔහු නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ සඳහන්.