අභාවප්රාප්ත ප්රවීණ ගායන ශිල්පී ප්රියා සූරියසේනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(27) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.
මේ වන විට ඔහුගේ දේහය බොරැල්ල, පෞද්ගලික මල්ශාලාවක තැන්පත්කර ඇති අතර, දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ද අද පෙරවරුවේ එක් වුණා.
මීට අමතරව කලාකරුවන්, දේශපාලනඥයින් හා රසිකයින් ඇතුළු විශාල පිරිසක් පැමිණෙමින් සිටින බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ.
ප්රවීණ ගායන ශිල්පී ප්රියා සූරියසේන කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී පසුගිය 24 වනදා පෙරවරුවේ අභාවප්රාප්ත වුණේ, සිය දිවි ගමනේ අසූ වැනි කඩඉම පසුකරමින් සිටියදීයි.
දේහය ඊයේ බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවකට රැගෙන ආ අතර අද පස්වරුව දක්වාම ප්රවීන ගායන ශිල්පී ප්රියා සූරියසේනගේ දේහය මහජන ගෞරවය පිණිස එහි තැන්පත් කර තැබෙනු ඇති.
ඉන් අනතරුව අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී ප්රියා සූරියසේනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතයි.