Global Platform For All Sri Lankans

Lanka Hit News

රාජ්‍ය සේවකයින්ට ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්

 

දූෂිත රාජ්‍ය නිලධාරීන්ට කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත විසින් අනතුරු ඇඟවීමක් කරනු ලැබුවා.

තමන් විසින් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයට මහජන දිනයක් වෙන්කළ බවත් එහිදී ජනතාවගෙන් 50%ක්ම රාජ්‍ය නිලධාරීන්ට දොස් පැවරූ බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම, රාජ්‍ය නිලධාරීන් ෆයිල් යට ගහන ආකාරය ගැනත්, පගාව දී වැඩකරගන්නා ආකාරය ගැනත් ඔවුන් සඳහන් කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

එහි ලැයිස්තුව්කක් තමන් සතුව තිබෙන බවත් අමාත්‍යවරයා පවසා සිටියා.

ජනතා සුනාමියෙන් නරක දේශපාලනය ගහගෙන ගියා සේම ඊළඟ සුනාමිය පැමිණෙන්නේ රාජ්‍ය සේවයට බවත් අමාත්‍යවරයා සඳහන් කළ අතර එම සුනාමිය තමන්ට නිර්මාණය කළ හැකි බවද සඳහන් කළා.

එමෙන්ම වී අලෙවි මණ්ඩලයට මුළු රටටම ඇත්තේ එක් ලොරි රථයක් පමණක් බවද ඔහු පවසා සිටියා.

මේ අතර තමන් දැන් හොඳට ඇඳුම් පැළඳුම් අඳින බවත් 8 වැනි හොඳ වාහන පාවිච්චි කරන බවත් අවුරුද්ද පුරා කැඳ ටිකක් හරි බොන්න පුළුවන් තත්ත්වයකට රට පැමිණ ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (27) පැවති ගොවි හමුවකට එක්වෙමින්.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads