සත්කාරක නවසීලන්ත සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම් අතර දෙවන 20යි 20 ක්‍රිකට් තරඟය අද(30) මේ වන විට පැවැත්වෙනවා.
ඒ නවසීලන්තයේ බේ ඕවල් ක්‍රීඩාංගණයේයි.
ඒ අනුව තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදෙන නවසිලන්ත කණ්ඩායම පන්දුවාර 08ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 63ක් ලබා සිටී.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නුවන් තුෂාර එක කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.
තරඟාවලියේ පළමු තරඟය ලකුණු 8කිනුයි නවසීලන්ත කණ්ඩායමට ජය ගත්තේ.
දෙරට අතර අවසන් වරට පැවති පන්දුවාර 20යි 20 තරඟ 5න් 4ක් නවසීලන්තයත්, 1ක් තරඟයක් ශ්‍රී ලංකාවත් ජය ගෙන තිබෙනවා.
තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 11.45ට ආරම්භ වූවා.
Author: Lanka Hit News
Post Views: 35