2025 නව වසර උදාවීමට ඇත්තේ තවත් දිනක් පමණයි.
අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාව ආහාර ද්‍රව්‍ය ඇතුළු විවිධ දෑ මිල දී ගැනීමට යුහුසුළු වන පසුබිමක වෙළෙඳපොළේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකම අර්බුදයක් පවතිනවා.
ඒ අතුරින් ප්‍රධාන වන්නේ සහල් ගැටලුවයි.
මාස ගණනාවක සිට වෙළෙඳපොළේ පවතින සහල් හිගයට විසඳුම් ලෙස සහල් ආනයනය කිරීමටයි රජය පියවර ගනු ලැබුවේ.
පෞද්ගලික අංශය මගින් මෙරටට ගෙන්වනු ලැබූ සහල් මෙටි්රක් ටොන් 75,000ක් ඊයේ වනවිට නිෂ්කාශනය කර තිබෙනවා.
කෙසේ වෙතත්, රජය මෙරටට ගෙන්වීමට නියමිතව තිබූ සහල් මෙට්‍රික් ටොන් 5,200ක තොගය පසුගිය 16 වැනිදා දිවයිනට ළඟාවන බව රජය පළමුව ප්‍රකාශ කළ ද, එය පසුව මේ මස 24 වැනිදා දක්වා කල් ගියා.
නමුත්, ඊයේ වනවිටත් එම සහල් තොගය දිවයිනට පැමිණ තිබුණේ නැහැ.
තවමත් වෙළෙඳපොළේ, කැකුළු සහල් හිගයක් පවතින බවයි පාරිභෝගිකයින් චෝදනා කළේ.
වෙළදපොළේ එළවළු මිලද තවදුරටත් පවතින්නේ ඉහළ අගයකයි.
එමෙන්ම, වෙළෙඳපොළේ පොල්තෙල් මිල ද ඉහළ ගොස් තිබෙනවා.